අපේ අපේක්ෂාව සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කිරීමයි
සෑම අතින්ම පොහොසත් රටක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බව පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අනුර කුමාර මහතා මෙසේද පැවසීය.
දීර්ඝ කාලයක් අපි ඡන්ද පාවිච්චි කළා. ඡන්දය දෙනකොට, ආණ්ඩුවක් හදනකොට පුරවැසියන්ට තිබුණු අපේක්ෂා, බලාපොරොත්තු සාර්ථක වී තිබෙනවාද? අපේ රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුද දෙස බැලුවත්, සමාජයේ කඩා වැටීම් දෙස බැලුවත්, රාජ්‍ය සහ අනෙකුත් සෑම අංශයකම ඇති වී තිබෙන බිඳ වැටීම් දෙස බැලුවත් සිදුවී තිබෙන්නේ ඉදිරියට යෑම නොවෙයි. පසුපසට යෑමයි.
අපි මේ ඉරණමෙන් ගොඩ එන්න ඕනෑ. ගොඩඑන්න නම් පළමුවෙන්ම දූෂිත, විනාශකාරී, දැක්මක් නැති පාලක කණ්ඩායම පළවා හරින්න ඕනෑ. ගතානුගතික දේශපාලන කඳවුරෙන් නවීන දේශපාලන ව්‍යාපාරයක් අතට බලය ගන්න අවශ්‍යයි. එයට හොඳම අවස්ථාව සැප්තැම්බර් 21 වැනි දින උදාවෙලා තිබෙනවා.
දකුණු කොරියාවේ වර්ධනය, වියට්නාමයේ වර්ධනය, ඉන්දියාවේ වර්ධනය අපි දකිමින් ඉන්නවා. මේ කලාපෙට මෝටර් රථ, ඖෂධ, ආහාර, බීජ නිෂ්පාදනය කරන ඉන්දියාව අපි දකිනවා. මේ රාජ්‍යයන් විසිවන සියවසේ ඇති වූ තාක්ෂණය හොඳින් උකහා ගෙන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ වගේම අපි දන්න කාලයේ අපේ රටට උදාවූ විනාශය අපි අත්විඳිමින් ඉන්නවා.
අපි මේක වෙනස් කරන්න ඕනෑ. එහි ආරම්භක පියවර තමයි මේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අතට බලය මාරු කර ගන්න ඕනෑ.
Reviewed by Lanka Political
on
July 31, 2024
Rating:
