අපේක්ෂකයන් වැඩි උනොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩි වෙයි

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව ඉකුත් 2019 මැතිවරණයට වඩා වැඩිවුවහොත් ඡන්ද පත්‍රිකාවේ දිග වැඩි කිරීමට නොහැකිවීම නිසා සී.ආර්.අභ්‍යාස පොතක පිටුවක් මෙන් පත්‍රිකාව මුද්‍රණය කිරීමට සිදුවන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පැවැසුවා.


ඉකුත් 2019 වසරේ පැවැති ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්වීම හේතුවෙන් අඟල් 26 ක දිගකින් යුතු ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදුවිය.


ඡන්ද පත්‍රිකාව මුද්‍රණය කිරීමට හැකි උපරිම දිග අඟල් 26 ක් බවත්, ඊට වඩා දිගකින් මුද්‍රණය කිරීමට නොහැකි බවත් ඇය පැවැසුවාය. මුද්‍රණ කටයුතු සඳහා ඇණවුම් කර ඇත්තේ ද එම දිගින් යුතු කඩදාසි බව ද ඇය පැවැසුවා.




අපේක්ෂකයන් වැඩි උනොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩි වෙයි අපේක්ෂකයන් වැඩි උනොත් ඡන්ද පත්‍රිකාව දිග වැඩි වෙයි Reviewed by Lanka Political on July 29, 2024 Rating: 5
Powered by Blogger.