එහෙට මෙහෙට පනින දේශපාලනය රටින් තුරන් කලයුතුයි
තමන්ට ලැබෙන වරදාන වලට මුදල් වලට ඇමැතිකම් වලට එහෙට මෙහෙට පනින දේශපාලනය මේ රටින් අවසන් කළ යුතුව ඇතැයි ජාතික ජනබල වේගයෙ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මල්වානේදී පැවසීය.
ජාතිවාදී විෂ වපුරා පෝෂණය කළ පොහොට්ටු පක්ෂය මේ වන විට තුනට කැඩී ඇති බව පැවසූ දිසානායක මහතා 2009දි යුද්ධය අවසන් වූ පසු සිංහල දෙමළ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත්වෙන රටක් එවකට බලයේ සිටි පොහොට්ටු පක්ෂය ගොඩ නැගුණු ඇතැයි ජනතාව අපේක්ෂාකළ බවද කීය.
ඒ වෙනුවට 2019 බලය ලබා ගැනීම සඳහා වඳ කොත්තු වඳඇඳුම්, ආදිය ගැන කියමින් මුස්ලිම් ජනතාව කෙරෙහි වෛරයක් සිංහල ජනතාව තුළ ඇති කිරීමට පාලකයන් කටයුතු කළ බවද හෙතෙම පැවසීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ බියගම මල්වානේ පැවති මුස්ලිම් සහෝදරත්වයේ රැළිය අමතමිනි.
Reviewed by Lanka Political
on
August 09, 2024
Rating:
