මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත් ප්‍රේමදාසට
මුස්ලිම් කොංග්‍රසයේ සහාය කොන්දේසි සහිතව සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව අද කියා සිටියා.
කොළඹ කොම්පඤ්ඤවීදියේ පිහිටි මුස්ලිම් කොංග්‍රස් ්‍රධාන කාර්යාලය එනම් දරුසලාම්හිදී අද උත්තරීතර මණ්ඩලය රැස්වුනා.
උදෑසන දහයයි තිහට පමණ ඔවුන් රැස්වූ අතර සවස තුන හමාර තෙක් සාකච්ඡා පැවැත් වූ අතර සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා..
සජිත් ප්‍රේමදාස මහතාට කොන්දේසි සහිතව සහය දීමට මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය තීරණය කළා
සජිත් මහතා සමග තව සාකච්ඡාවක් පැවැත්වෙන අතර එහිදී යම් කරුණු ප්‍රමාණයකට එකඟවීමට අවශ්‍ය බව ඔහු මෙහිදී පැවසුවා.
අනිත් පක්ෂ කෙරෙහි නැඹුරුවක් නැති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා. තනතුරු ඇමතිකම් බලාපොරොත්තු නොවන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා
Reviewed by Lanka Political
on
August 04, 2024
Rating:
