ලාල්කාන්ත වහාම අත්අඩංගුවට ගන්න - ගම්මන්පිල ඉල්ලයි
ජාතික ජන බලවේගයේ නියෝජිත කේ.ඩී. ලාල්කාන්ත අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේදී පැවසීය.
අරගල සමයේ මෙරට පාර්ලිමේන්තුව අත්පත් කරගන්නට සැලසුම් කළේ, ජනතා විමුක්ති පෙරමුණ යැයි ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට මූලික ම හේතුව බව ද ගම්මන්පිල මන්ත්‍රීවරයා කීය.
ලාල්කාන්ත කී පරිදි පාර්ලිමේන්තුව එදා අත්පත් කර ගත්තා නම් ලංකාව තුළ ද බංග්ලාදේශයේ ඇති වූ තත්ත්වය ඇති වන බව ද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.
ආණ්ඩුව අනුර දිසානායක සමග ඩීල් එකක් නොමැති නම් ලාල්කාන්තට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද ගම්මන්පිල මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් තමා අත්අඩංගුවට ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ පාරම්බෑම නවතා පොලිසියට ගොස් ඊට අදාළ පැමිණිල්ලක් කරන ලෙස ජාතික ජන බලවේගය ජාතික විධායක සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත අභියෝග කරයි.
Reviewed by Lanka Political
on
August 08, 2024
Rating:
