කිසිම පක්ෂයකට මගේ සහයෝගය දෙන්නේ නෑ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ.
නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාල පරිශ්‍රයේ පළමු වහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇත.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සිය ස්ථාවරය අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දැනුවත් කිරීම සදහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එම ක්‍රියාකාරී පාක්ෂික පිරිස කැඳවා ඔවුන් හමුවේ සිය ස්ථාවරය ප්‍රකාශකර ඇත.
ඇතැම් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙමු යැයි යෝජනා කර තිබේ.
එහිදී අදහස් දක්වා ඇති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා කිසිදු අපේක්ෂකයකුට සහයෝගය ලබා නොදෙන බවද, අත්තනගල්ල කොට්ඨාසයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික පිරිසට තම තමන්ගේ මනාපය පරිදි කැමති අපේක්ෂකයකුට සහයෝගය දක්වන ලෙසද ඒ පිළබඳව තමාගේ කිසිදු විරෝධතාවයක් හෝ අකමැත්තක් නොමැති බවද පවසා ඇත.
Reviewed by Lanka Political
on
August 12, 2024
Rating:
