22 සම්මත වුණත් ජනපතිවරණයට බලපෑමක් නෑ - අනුර කුමාර
රනිල් වික්‍රමසිංහ විසින් ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වුවත් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට කිසිදු බලපෑමක් නැතැයි ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මීට පෙරද ජනාධිපතිවරණයට එරෙහිව පෙත්සමක් සහ තවත් පෙත්සමක් ඉදිරිපත් වූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊට නිසි පිළිතුරක් ලබාදුන් අතර මෙම ප්‍රයත්නයද අසාර්ථක එකක් බව ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් මෙම 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගත්තද ජනමත විචාරණයකට යා යුතු බවත් එතැනදී මොවුන්ගේ උත්සාහය ප්‍රායෝගික නොවන බවත් දිසානායක මහතා පෙන්වා දුන්නේය.
අදාළ සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන් බිළි බා ගැනීමට විවිධ උප්පරවැට්ටි ආණ්ඩුව විසින් සිදු කිරීමට පවා සූදානම් වනු ඇති බවද ඔහු සඳහන් කළේය. එම නිසා ව්‍යවස්ථාවේ එල්ලී විවිධ සිදුරු සොයමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ කණ්ඩායම මේ සිදුකරන ක්‍රියාවලිය කිසිදු වැදගැම්මකට ඇති එකක් නොවන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Reviewed by Lanka Political
on
July 30, 2024
Rating:
