සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණය බාධාවක් නැහැ

විමධ්‍යගත අය-වැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ නීතියෙන් බාධාවක් නොමැති බව බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.


මෙම ව්‍යාපෘති මගින් කිසිදු අවස්ථාවක ජනාධිපති අපේක්ෂකයෙකු ප්‍රවර්ධනයක් සිදු නොවන බව ඔහු තවදුරට ත් සඳහන් කළේ ය.


අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අදාළ සංවර්ධන ව්‍යාපෘති අනිවාර්යෙන් සිදු කළ යුතු අතර එසේ නොකිරීම ජනතාවට කෙරෙන අසාධාරණයක් බව ය.


එසේ ම, මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම අවසන් කළ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කරන බව ත් කිසිවිටෙක මැතිවරණ නීති උල්ලංඝණය නොකරන බව ත් ඔහු පැවසීය.



සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණය බාධාවක් නැහැ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණය බාධාවක් නැහැ Reviewed by Lanka Political on July 30, 2024 Rating: 5
Powered by Blogger.