රටට ආදරේනම් රනිල්ට සහය දෙන්න - රෝහණ දිසානායක
රට ගැන සිතන ඕනෑම අයෙකු මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනවා.
දේශපාලනයට පෙර රට පිළිබඳ සිතන ඕනෑම අයෙකු මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ලෝකයේ බලගතු නායකයින් බිහිව තිබෙන්නේ දුෂ්කර අවස්ථාවන්වලදී බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා පසුගිය දරුණු ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රබල නායකත්වයක ගති ලක්ෂණ පෙන්නුම් කළ බවද කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ ” ස්ථාවර රටකට සැවොම එක මඟකට” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
Reviewed by Lanka Political
on
July 30, 2024
Rating:
