රනිල්ගේ යෝජනාවට මහින්ද බෑ කියයි
පක්ෂය නැවත තීරණය කළහොත් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දී තිබෙන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
එසේම පක්ෂය ගත් තීරණය තමාට පෞද්ගලිකවම මැදිහත්වී වෙනසක් කළ නොහැකි බවද හිටපු ජනාධිපතිවරයා දන්වා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත් තීරණය වෙනස් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ජනාධිපතිවරයාගෙන් මීට පෙරද ඉල්ලීමක් කර තිබිණ.
රනිල්ගේ යෝජනාවට මහින්ද බෑ කියයි
Reviewed by Lanka Political
on
August 03, 2024
Rating: