පොහොට්ටුවේ තීරණයට එරෙහි වුනොත් තනතුරු අහෝසි
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට එරෙහිව කටයුතු කරන සියලුම මන්ත්‍රීවරුන් එම වගකීම්වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් කර තිබෙනවා.
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරු වලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් අප එම පක්‍ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැනටමත් ඒ සම්බන්ධයෙන් කටයුතු සූදානම් කරගෙන යන බවයි.
පක්ෂයේ තීරණයට එරෙහිව ගිය පිරිස් නිලතල වලින් පමණක් නොව ආසන සංවිධායක ධූරවලින්ද ඉවත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු අධ්‍යයනය කරගෙන යන බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
 
        Reviewed by Lanka Political
        on 
        
August 03, 2024
 
        Rating: 
