ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අධිකරණයට
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත‘ නැමැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාරිය ඇතුළු සැකකරුවන් දස දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.
ඉකුත් නඩු දිනයේදී මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝගය පරිදි අද දිනයේදී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිතය.
මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබේ.
පසුගිය ජූලි 8 වැනිදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
Reviewed by Lanka Political
on
August 05, 2024
Rating:
