අඳුරු වූ රට එලිය කරන්න පුලුවන් අපිට විතරයි
අඳුරුභාවය අතීතයට බාරදී අපේ රටට සුබ උදෑසනක් නිර්මාණය කළ හැකි යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කොළඹ දී පැවසීය.
ඇස් පෙනෙන කන් ඇසෙන නිවැරදි චලනයන් සිදු කරන පිරිසක් මේ රට දීර්ඝ කාලයක් පාලනය කළ බව පැවසූ ඒ මහතා එහි අනිටු ඵල විපාක සමස්ත සමාජයම වෙලා ගෙන ඇතැයි ද පැවසීය.
මේ රට විශාල කඩා වැටීමකට ලක් වී වැඩිම වින්දිතයන් බවට පත්ව තිබෙන්නේ ආබාධිතයන් .එහෙත් ඒ කිසිවකු ඒ පිළිබඳව මෙහිදී චෝදනා කළේ නැහැ.
විවිධ ක්ෂේත්‍රවල ආබාධයන්ට ලක්වූවන් තමන්ට බලපා ඇති තත්ත්වයන් විවිධ ආකාරයෙන් මෙහිදී ඉදිරිපත් කළ පැවසූ දිසානායක මහතා ඔවුන් ඉදිරිපත් කළ විවිධ රංගනයන් දකින විට නිතැතින් සිහිවන්නේ අප කෙතරම් අකාරුණික සමාජයක කෙතරම් අයුක්ති සහගත වටපිටාවක සිටින්නේද යන්න යයි.
Reviewed by Lanka Political
on
August 05, 2024
Rating:
