මහ බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ නොවෙයි
මම කිසිම වෙලාවක කියලා නැහැ මහා බැංකු හොරකම කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. එතුමා පත් කරපු අය නිසා තමයි ඒක වුණේ. මම පත් කරපු කෙනෙක් වැරැද්දක් කළාට ඒකට මම පලි නෑනේ. ඒ වගේ දෙයක් තමා එතැන වෙලා තියෙන්නේ යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ දී පැවසීය.
විනය පරීක්ෂණවලට ලිපි ෙ තවම නම් මෙ ලැබිලා නෑ.මධ්‍යම කාරක සභාව රැස්වීමේදී අපි විරුද්ධ වුණා පොහොට්ටුවෙන් අපේක්ෂකකු දානවට. විනය පරීක්ෂණ කරනවට අපි පක්ෂව ඡන්දය දුන්නා.අපි විනය විරෝධි දෙයක් කරලා නැහැ.
රටක් ගොඩ ගන්න වැඩපිළිවෙලක් හදලා. ඒක නීතියක් ලෙස කරල තියෙන එකම ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණයි.ඕනෑම පක්ෂයක සාමාජිකයන් හා මධ්‍යම කාරක සභිකයන් ඒ පක්ෂවල වහල්ලු නෙමෙයි.
Reviewed by Lanka Political
on
August 05, 2024
Rating:
