නවසීලන්ත මහ කොමසාරිස්වරයා හා වෙළඳ අමාත්‍යවරයා අතර හමුවක්
නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා හා වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් අද (05) වෙළඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මෙහි දී නවසීලන්ත මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, වටිනා සංස්කෘතිකාංග හා ඉතිහාසයක් සහිත රටක් ලෙස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ඒ වෙනුවෙන් සිය සහයෝගය ලබා දෙන බවත්ය.
නවසීලන්තයේ සිටින විදෙස් ජනගහනය අතුරින් ශ්‍රී ලංකා නියෝජනය කරන පිරිස ඉහළ ශ්‍රම කුසලතාවයක් සහිත පිරිසක් වීම කොමසාරිස්වරයාගේ පැසසුමට ලක් විය.
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මෙහි දී පැවසුවේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම සඳහා මූලික අවධානය යොමු කර ඇති බවයි.
විවිධ වෙළෙඳනාමයන් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරඟ කරනවා වෙනුවට එක් නාමයක් භාණ්ඩ එකක් හෝ කිහිපයක් යටතේ ජාත්‍යන්තර වෙළෙඳපොලේ සුවිශේෂීකරණය වීමේ වැදගත්කම ද මහ කොමසාරිස්වරයා සඳහන් කළේය.
වෙළෙඳ, අධ්‍යාපන, කිරි කර්මාන්තය හා ක්‍රීඩා යන අංශයන් ආශ්‍රිතව දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.
Reviewed by Lanka Political
on
August 06, 2024
Rating:
