බිදවැටුනු ආර්තිකය ගොඩනැගීමේ ගෞරවය ලැබෙන්නේ රනිල්ට
අරගලයෙන් පසු බිදවැටුනු ආර්තිකය ගොඩනැගීම , නීතියේ ආධිපත්‍ය ඇතිකිරීමට පිලිබද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පුලුවන් ගෞරවයක් තිබෙන බව ගලබොඩඅත්තේ නනසාර හිමියන් පැවසීය.
සිරගතව සිට පැමිණියාට පසුව බොහෝ අය අපෙන් අහනවා මේ ජනාධිපතිවරණයේදී කරන්නේ කුමක්ද කියලා, ඒ නිසා අපේ අදහස කියන්න තීරණය කලා.
අපි අවුරුදු 76 ක නිදහසක් ගැන කතා කරනවා.76 වසරක සාපය කියලා මතයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ ඒ කාලවල විවිධ ජනාධිපතිවරු විවිධ රට නගන ප්‍රතිපත්ති ප්‍රකාශ කලා.වගා සංග්‍රාම,ධර්මිෂ්ඨ සමාජ,සාමය හා සමෘද්ධිය,සුභ අනාගතයක්, ආසියාවේ ආශ්චර්‍ය,සෞභාග්‍යයේ දැක්ම කියලා ඒවා ආවා.
නමුත් දැන් කියන්නේ බංකොලොත් රටක් කියලා.එක නායකයෙක් ඉන්නවා 76 වසරක සාපය සාපය,මේක බංකොලොත් රටක් කියලා.මේ වගේ දේශපාලන දර්ශණ එක්ක අපිට හිතෙන්නේ ඇත්තටම අපි ඉන්නේ ලංකාවේ ද කියලා.අපි කිහක නොවී ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන.
එදා තිබුනු රට නොවෙයි අද තිබෙන්නේ. අපේ කාලයේ විදුලිය තිබුනේ නෑ, නමුත් අද හැම තැනම කරන්ට් එක තිබෙනවා.
Reviewed by Lanka Political
on
August 06, 2024
Rating:
